Ads Top

කරුමක්කාර මී පැටවූ


කරුමක්කාර මී පැටවූ 

සිත්තම් මායා | අනූ පෙරේරා 

උඹලා මහ කරුමක්කාර සත්තු ජාතියක් 
උපතේ ඉඳලම මැරෙන තුරාවටම 
ජීවත් වෙන්නේ 
මරණයේ කරට අත දාගෙන 
ඇයි බං ඒ ?
උඹලගේ කරුමක්කාරකමද ?
උඹලා හිතුවේ නෑ නේද 
උඹලට ඊළඟ ආත්මයක් 
අත් වෙයි කියලා 
එහා ගෙදර මුල්ලක 
ඊයේ ඉපදුන උඹලා 
අද කියන දවසේදී 
මරණයට කිට්ටු වෙයි කියලා 
හිතුවද හීනෙකින්වත් 
නෑ නේද ? 
උඹලගෙ ආයුෂ ඉවරයි 
කමක් නෑ 
මම පාඩමක් ඉගෙන ගත්තා 
අනිත් උන්ටත් ඒක කියලා දුන්නා 
අපි කරගත්තු හොඳ නරක 
ඒ විදියටම පඬිසන් දෙන බව 
ඔව් අපි පව් කරන්න බය වෙන්න ඕනේ 
පෙරුම් පුරලා මනුස්ස ජීවිතයක් 
ලබපු එකෙන්වත් ප්‍රයෝජනයක් ගන්ට එපැයි 

- අනූ 

Siththam Maya | Anu Perera. Powered by Blogger.