Ads Top

අනුයි ගැන්සියයි short film එකයි


අනුයි ගැන්සියයි short film එකයි 

සිත්තම් මයා | අනූ පෙරේරා 

සතුටුයි බං , පපුව පැලෙන්න සතුටුයි 
අපිට තියෙන අවම පහසුකම් වලින් කරපු 
short film කෑල්ලක් 
ඊයේ ජාතික රූපවාහිනියේ විකාශය උනාට 
සමහර විට බලපු ඔයාලට 
මහලොකු දෙයක් නෙවෙයි වෙන්න ඇති
අඩු පාඩුත් ඇති 
හැබැයි අපි කරපු පළවෙනි නිර්මාණය 
මම අධ්‍යක්ෂණය කරලා බිහිකරපු 
කුළුඳුල් දරුවා 
අම්මෙකුට වගේ සතුටුයි මට 
කොල්ලෝ ටිකත් එක්ක 
තිරය පිටිපස්සේ කට්ට කාපු හැටි 
මැවී මැවී පෙනුනා 
මට අමතක උනා මගේ ගාව ඉන්න අම්මව 
ඇයගේ පිට මැද්දට මගේ අත යවලා 
ටීවී එකේ සිහියෙන්ම 
මම කියලා තියෙනවා 
" යකෝ මේ අපි කරපු වීඩියෝ එක " කියලා 
අම්මට " යකෝ " කියපු පළවෙනි අවස්තාව 
අම්මා මාව තේරුම් ගත්තා 
ඒක මට තේරෙනකොට ඇය මගේ නළලත සිප ගත්තා 
අහම්බෙන් වීඩියෝ එක විකාශන මොහොතේ දැකපු 
යාළුවෝ 6 දෙනෙක් දුරකථන ඇමතුම් දුන්නා 
උදේ නැගිටිනකොට කෙටි පණිවිඩ තිබුණා 
මුහුණු පොත මැසේජ් කිහිපයකින් බර වෙලා තිබුණා 
මට දැනුනා මං රැජිණක් වගේ 
සමහර තැන් වලදී ඒ වීඩියෝ එක මෙලෝ රහක් නෑ 
ඔයිට වඩා නිර්මාණශිලිත්වය පෙන්නන්න පුළුවන් තැන් එමට තිබෙන බව 
මටම වැටහුනා 
හැබැයි එක දෙයක් 
ලයික් එකකින්, කොමෙන්ට් එකකින් හරි සුබ පැතුව 
මගේ සහෘදයෝ 
ඒකෙ අඩුපාඩු ගණන් කරන්න ගිහිල්ලා නෑ 
හිතලා තිබුණ එකම දේ
" යකෝ අපේ අනුවගේ වැඩක් නෙහ් " කියලා 
ඒ ගෞරවය නිහතමානීව මම භුක්ති විඳිනවා 
වගේම ගොඩක් පිං උඹලා හැමෝටම 
හැමදාම ෆිට් එකේ මාත් එක්ක හිටියට 
මගේ පොඩි උන් ටිකයි මමයි නියම වැඩක් කරලා තියෙනවා 
කළාවට මං අළුත් 
හැබැයි මේ කලාව මගේ ඇඟ දිගේම මුල් දුවලා තියෙන්නේ 
ඒ නිසා තවත් 
හොඳ හොඳ සෙල්ලම් එලි වෙන ජාමෙට කියලා 
ඉස්සරහට එන නිර්මාණ එක්කත් ෆිට් එකේ ඉන්න ඕනේ 
සහ අපේ වැඩ වලට දායක වෙන්න ඕනේ 
අපේ page එක්ක touch එකේ ඉන්න 
https://web.facebook.com/OfficialAnuPerera

සහ 

විශේෂයෙන්ම මම මේක අවස්තාවක් කරගන්නවා 
අපිට උදව් කරපු අයට ස්තූති කරන්න 
අධ්‍යක්ෂණයෙන් සහ පිටපතින් අනුවා වන මට 
කැමරාවෙන් සපෝර්ට් එක දුන්න අග්නි මල්ලියා 
මේකප් කරලා අපිව හැඩ කරපු පසිඳු මල්ලියා 
නිෂ්පාදනයෙන් ලොකුම සපෝර්ට් එක කරපු ධනුෂ්ක අයියා 
සංස්කරණයෙන් තෙලේ දාල ගත්ත අපේ සචින් මල්ලියා 
රංගනයෙන් වැඩ පෙන්නපු අපි අපිම වෙන ගයශාන් මල්ලියා, හර්ෂනී අක්කියා, මනුර මල්ලියා, සචින් මල්ලියා, පසිඳු මල්ලියා, සහ අනූ අක්කියා ;)
වගේම ස්ථානයේදී අපිට සහය දුන්න හැමෝටම ගොඩක් ස්තුතියි 

- අනුවා 

Siththam Maya | Anu Perera. Powered by Blogger.