Ads Top

Free Hours - නිදහස් හෝරා


Free Hours - නිදහස් හෝරා 

සිත්තම් මායා | අනූ පෙරේරා 

අද අපේ පැත්තේ හැම ගෙදරකටම පස්වරු 5 වෙනකම් කරන්ට් එක නෑ 
ලැප්ටොප් ඒකෙත් අන්තිම බැටරි කට්ට 
අයියෝ දැන් බයිස්කෝප් කෑල්ලක්වත් බලන්නේ කොහොමද ?
කබල් ෆෝන් එකෙත් බැටරිය මට කින්ඩි දැම්මා 
අයියෝ අයියෝ අද නම් මහ මූසල දවසක් 
දෙයියනේ....
කරන්ට් එක නැතුව හරියට නින්දක්වත් නෑනේ 
ලැප් එකේ බටන් එක එබුවට අසාවටවත් ඔන් වෙන්නේ නෑ 
ෆෝන් එකත් මුහුණු පොතේ සැරිසරන අතරේම නිවිලා ගියා 
මට දැනුණේ මගේ පණත් ගියා වගේ 
මම මගේම ' හිකෝ ' පොත කියවන්න ගත්තා 
මමම ලියපු නිසා ඒකත් එපා උනා 
පොඩ්ඩක් එළියට පහලට බැහැලා බලන්ට ඕනෑ 
කාලෙකට කලින් තාත්තා මගේ අතින් හිටවපු අඹ පැලේ බලන්ට ඕනෑ 
වත්ත පැත්තේ වටයක් දෙකක් කැරකෙනකොට 
ඒ කාලේ මගේ ගමේ සැට් එක දැක්කා 
" ඒහ්හ් ..... ඒහ්හ් ..... " මං සද්ධයක් දාලා අප්පුඩියක් ගැහුවා 
" ආ...... ලෝ..... අනුවෝ..... " උන් අපේ ගෙවල් පැත්තට ඇදුනා 
" දැන් ඉතිං ලොකු මිනිස්සුනේ.... " 
ඔන්න උන් ඔක්කොම එකතු වෙලා තනි මාව බයිට් කරනවා 
මම ආසාවෙන් බයිට කාගෙන ඉන්නවා 
" අඩේ... දැන් මොකද කරන්නේ? කින්ද ? මන්ද ? බ්ලා... බ්ලා... බ්ලා... "
වේලාව යනවා, අපි චැට් එකේ 
විදුලි බල මණ්ඩලේ වේලාවට වැඩ කරන ගතියට 
පහ ටිකක් පහුවෙලා කරන්ට් ඇවිල්ලා 
ඉතිං මම දන්නෙවත් නෑ 
ගමේ ගොඩේ නොදන්නා ඕපේ ඔක්කොම අහගෙන ගෙදෙට්ට ගොඩවුනා 
කරන්ට් එක ගියාම මං හිතුවේ පණ ගියා කියලා 
නෑ මම ජීවත් උනා 
හරිම වචනේ ඒක නෙවෙයි 
මම නිදහස් උනා 
යාන්ත්රීකරණයට ලක් වූ ජිවිතයෙන් 
විදුලිය විසන්ධි වූ පොඩ්ඩට 

- අනුවා @ තාක්ෂණික නොවෙමින් 

Siththam Maya | Anu Perera. Powered by Blogger.