Ads Top

ඩස්ටර් වලි


ඩස්ටර් වලි 

සිත්තම් මායා | අනූ පෙරේරා 

නිදහසේ ගෙදරට වෙලා ඉන්නකොට 
මතක් උනා 
අපි පොඩි කාලේ 
ඉස්කෝලේ අටේ පංතියේ 
මගේ හිතේ 
ඩස්ටර් එකෙන් 
ගුටි කෙලි දාගත්තු හැටි 
පිට පැලෙන්න 
ගහනවා කියලා හිතාන 
වෙර යොදලා අනෙකාට ගැහුවත් 
ලොකුවට රිදෙන්නේ නෑ 
හැබැයි 
පාට පාට පාරවල් 
සුදු ගවුම හැමතැනම 
මොකද අපේ පංතියේ 
කළු ලෑල්ලේ ලියන්ට 
පාට පාට 
හුනුකූරු තිබ්බනේ 
මූණකට වැදුනම 
අඬලා දොඩලා 
වතුරෙන් 
මූණකට හෝදගෙන එහෙම   
තප්පරයක් දෙකක් සයිඩ් ගහලා 
ආයෙම සෙට් වෙන්නේ 
ඩස්ටර් වලියේ 
වෛර පිරිමහන්න 
පීරියඩ් එකකින් පීරියඩ් එකකට 
මාරු වෙනකොට 
ටීචර් එන්න 
පරක්කු වෙන විනාඩියට දෙකට 
මේ හැමදේම ඉවර කරලා 
හොර පූසෝ වගේ ඉන්ට 
හරි හපන්නු අපි 

#අනුවා  

Siththam Maya | Anu Perera. Powered by Blogger.