Ads Top

අගුණ කාලගුණ


අගුණ කාලගුණ 

සිත්තම් මායා | අනූ පෙරේරා 

මිනිස්සු වර්ග උනා 
පරිසරය ප්‍රතිෂ්ඨාපනය වෙනකොටත්  
එහෙමත් නැත්තම් ඒ ඒ වගකීම් 
සලාක කරලම දුන්නා 
අහවලාගේ ගස් අහවලාගේ ලෙසම 
කාලගුණයට ඔය කොයි කවුරුත් එක බව 
මේ කාල වකවානුවේ කොයි කාටත් 
යහමින් තේරෙනවා ඇති 
ලෝකය නානාප්‍රකාරයේ 
බීම වර්ග සොයා ගත්තත් 
ඒවාට අර කෝලා මේ කෝලා කීවත් 
සීතල වතුර උගුරක තියෙන ගැම්ම 
ඔය කොයි කෝලාවකටවත් 
දෙන්නට බැරි බව 
තවමත්, 
අධි සුඛෝපභෝගී ජීවිත වලට
නොතේරෙන ගාණයි 
මේ සොබාව ධර්මයාට පණ තියෙනවා 
මේ ගස් වලට මේ පස් වලට 
මේ වතුරට පවා 
පණ තියෙනවා 
ඉඳලා හිටලාවත් 
අවට තියෙන පරිසරය වෙනුවෙන් 
දෙයක් දෙකක් කළා නම් 
මෙච්චර හරියක් 
මේ වෙනකොට වෙන්නේ නෑ 
උදේ අට නමයට දැනෙන 
උහුලන්නට බැරි අව්ව 
ඔච්චරම දැඩි වෙන්නේ නෑ 
ලිං පතුල් පෙනෙන තෙක් 
වතුර හිඳෙන්නේ නෑ 
වැඩිය නෙවෙයි පොඩ්ඩක් විතර, 
පොඩ්ඩක් විතර එයා වෙනුවෙන්නුත් 
දෙයක් කරලා බලන්න 

#අනුවා 
Siththam Maya | Anu Perera. Powered by Blogger.