Ads Top

වැඩ කරන තැන හුඟක් පරණයි !


වැඩ කරන තැන හුඟක් පරණයි !

සිත්තම් මායා | අනූ පෙරේරා 

මචං 
අතිරේක කාල වලදී 
මං වැඩ කරන තැන 
පට්ට ප්ලේස් එකක් 
උදේට ඇතුල් වෙනකොට
මට හිතෙන්නෙම 
මං නිකං අමුතුම ලෝකෙකට 
එන්ටර් උනා වගේ කියලා 
පොත් වලින් එන පරණ සුවඳ 
එක්කම 
මට වැඩ කරන්න වෙන්නේ 
පරණ කාලේ පරණ තාලේ 
මිනිස්සුත් එක්ක 
මහාචාර්යවරු, කථිකාචාර්යවරු, 
හිටපු උපකුලපතිවරුන් 
ජේෂ්ඨ ලේඛක ලේඛිකාවන් 
සංස්කාරකවරුන් 
හිටපු දිසාපතිවරුන් 
වගේ රටේ මෙන්ම ලෝකෙම 
අල ගිය මුල ගිය වැල ගිය 
විද්වතුන් එක්ක 

අර උඹලට 
කලාතුරකින් වගේ දාන 
තවුසන්ඩ් ටෝක්ස් ටික 
අගේට පියාගෙන 
සද්ද වහලා එහෙම ඉන්නේ මම මෙතන 
නැත්තම් 
මහා ලොකු දැනුම් කලම්බනයක් ද මොකද්ද එකක් 
වෙන්න ඉඩ තියෙනවනේ   
මායි ඒ උන්දැලයි අතරේ 

මං නිකං 
කතා කරන පුස්තකාලයක් ඇතුලට රිංගලා 
අගුල් දාගත්තා වගේ වැඩ මෙතන තියෙන්නේ 
ඒක මාර ආතල් ඕයි 
වයසින් දැනුමෙන් මුහුකුරා ගිය 
විද්වතෙකුගේ සයිඩ් එකකට වෙලා 
එයාගේ පරණ කතාන්දරේ අහගෙන ඉන්න එක 

හරියටම කිව්වොත් 
මං හරියට මෙතන 
ඇලිස් ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් වගේ 

#අනුවා 

Siththam Maya | Anu Perera. Powered by Blogger.