Ads Top

ඇය, මා ලද හොඳම උපදේශිකාවයි - I


ඇය, මා ලද හොඳම උපදේශිකාවයි  - I 

සිත්තම් මායා | අනූ පෙරේරා 

මගේ දවසක 
හොඳම කාලය තියෙන්නේ 
අම්මා ගාව 
වැඩට වේවා, ලෙක්චර්ස් වේවා, 
යාළුවො එක්ක රෝන්දේ වේවා 
ගිහිං ඇවිත් 
හොඳට නාලා එහෙම 
බැන බැන උනත් 
අම්මා හදලා දෙන 
රස්නෙම රස්නේ 
තේ කෝප්පේ අතේ තියාන 
එයාට දෙන 
සීතලම සීතල උම්මා එකකින් 
ශේප් කරලා ඉවරවෙලාම 
බොන ගමන් 
දවසේ උන හැමදේම 
අකුරක් නෑර 
අම්මගේ කනේ තියෙන 
ළමා මානසිකත්වය 
තාමත් මගේ ඇඟේ 
යහමෙට තියෙනවා 
කොච්චර ලොකු උනත් 
කොච්චර කර දඬු උස් උනත් 
ඒ පුරුද්ද නම් 
මගෙන් ඈත් වෙන එකක් නෑ 
අදත් එහෙම්මමයි 
හැබැයි වෙනස් 
වෙනදට කරපු හොර - ජඩ වැඩක් උනත් 
මං අම්මගේ කනේ තිබ්බේ හෙන ගැම්මට 
පස්සේ බැනුම් අහන එක 
ගුටි කන එක වෙනම දෙයක් 
ඒත් අද,  
මං ෆුල් සයිලන්ට් එකේ 
වෙනදට අම්මට දෙන උම්මා එකත් නොදීම 
කියන්න පටන් ගත්තා 
මට තේරුණා 
වෙනදට එයා එයාගේ වැඩ කරන ගමන් 
වෙලාවක් ලැබුනොත් විතරක් වගේ 
මගේ වීරක්‍රියා වලට කන දානවා 
මං තමයි තේ එකයි බිස්කට් පෝලිමයි 
එහාටයි මෙහාටයි 
එයාගේ පස්සෙන්ම යන ගමන් 
කතන්දරේ කියවන්නේ 
අද වෙනස් 
මං තේ එකත් අරං 
කුස්සියේ තියෙන සුපුරුදු පුටු දෙකෙන් එකකට බර උනා 
ඔක්කොම වැඩ යකාට ගියාවේ කියලා 
එයත් මගේ ලඟින් වාඩි උනා 
මං පුදුම කලකිරීමකින් 
සුසුමක් පහළට හෙලුවා 
මගේ කර වටේ අතක් දාගෙන 
අම්මා කිසිම සද්දයක් නැතුව හිටියා .......... ඉදිරියට 

#අනුවා 
Siththam Maya | Anu Perera. Powered by Blogger.