Ads Top

පෙරේරයි හෙට්ටියයි


පෙරේරයි හෙට්ටියයි 

සිත්තම් මායා | අනූ පෙරේරා 

ඇය සැබැවින්ම හැඩකාරියකි 
සුරූපිණියකි, 
එනමුත් අමු මොංගලයකි 
මාගේ එක වසරේ අඹ මිත්‍රයා ය 
තවමත් එහෙමය 
අප දෙදෙනාගේ 
එකම එක හමුවකින් 
සියලු පොෂ් පැත්තකය 
කට වක්කඩ මෙන්ය 
බදුලු කෝච්චියත් පරාදය 
මග දෙපසම අපේ නැහැදිච්චකම් දෙස 
මිනිසුන් බලාගත්තු ගමන්මය 
හයි පොෂ් පිට කඩවල බඩු කේවල් කිරීමට 
අපි හරීම දක්ෂය 
එලෙස කේවල් වලි ගිය ඇත්තෝ 
දැන් අපේ ගජ මිත්‍රයෝය 
ඒ කඩවලින් දැන් අපට හොඳට සලකනවාය 
මේකප් සැට් එකේ සිට ගංජා කොළේට යනතෙක් 
කිසිඳු පැකිලීමකින් තොරව 
අපි අපි කතිකා කරගත්තේ 
දැනුම තව තවත් වර්ධනය කරගෙන රටට සේවයක් කිරීමටම 
බව පසුගිය දවසක අපේ කතාවකට ඇහුම්කන් දුන් 
ආගන්තුකයෙක් පැවසීය 
එයම උදාහරණයට ගනිමින් 
මෑත කාලයේ මහත් ආන්දෝලනයට ලක්වූ 
සනත් - හෂිනි වීඩියෝ 
හවුලේ සෙවීමට ගත් උත්සහයෙන්ම ඔප්පු විය 
කැපවීම කොතෙක්ද කියනවානම් 
මාගේ බෙල්ල පවා උලුක් විය 
එනමුත් අප වැඩය අත හැරියේ නැත 
උත්සාහය ජයගනී යන විශ්වාසය තිබුණාය 
ලිවිම පටන් ගත්තේ ඇය ගැන කීමටය 
එනමුත් ඉවර වන්නේ ඉතාමත් සක්කිලි විදියකටය 
මට සිතෙන්නෙම 
පිං මදිද දන්නෑ කියාය 
මේවාට හිනා යන්නේ අපි අපිටම පමණය 
කෙසේ නමුත් මේවා රට්ටු හිනස්සන වැඩය 
මෙතෙන්ට තවකෙක් හොඳටෝම අඩුය 
ඒ ආදරණිය තඩියා ය 

#අනුවා 

Siththam Maya | Anu Perera. Powered by Blogger.