Ads Top

කලකට ඉහතදී ඇය මාගේ දෙවැනි මව් විය


කලකට ඉහතදී ඇය මාගේ දෙවැනි මව් විය 

සිත්තම් මායා | අනූ පෙරේරා 

කලකට ඉහතදී 
ඇය මාගේ අතිශය ආදරණීය අක්කණ්ඩිය විය 
සාමාන්‍ය ආවේග දුරදිග ගිය තැනක 
ඇගේ සහෝදර බැඳීම් වලට  
අතිශය කෲර ලෙස නැවතුම් තැබුවෙමි 
එකුස උපන් එකෙකු බලාගනාවාක් මෙන් 
ඇය මා බලාගත්තාය 
මා ගැන සොයා බැලුවාය 
මාගේ අධ්‍යාපන කටයුතු සොයා බැලුවාය 
ඉතිං කලකට ඉහතදී ඇය මාගෙ දෙවැනි මව විය 
ඔය ලව් හුටපට වගේ මවට කියන්නට බැරිම කාරණා වලදී 
අඬාගෙන දුවන්නේ ඇය වෙතටය
ඔය බැඳීම් නැවතුන තැන සිට 
අදට අවුරුදු හය හතකට වැඩිය  
අද ඇයව අහම්බෙන් දුටුවෙමි, කතා කළෙමි 
අපහසුතාවයේ උපරිමයක් භුක්ති වින්ඳෙමි 
අප අතර කිසිම තරහක් නැති ගාණට තරම් සාමන්‍ය ලෙස 
ඇය සාමිචියේ යෙදුනාය 
එය මට මා ඇතුළෙන් ලැජ්ජා කරවන්නක් විය 
මා කෙතරම් නපුරු වී ඇත්ද 
සුහද වැළඳ ගැන්මකින් අපි සමුගත්තෙමු 
ඉදිරියේ සිටින 
මාගේ පපුව තුලට අමු අමුවේ අත දැමූ ඇය 
සියලු නහර අතරින් හදවත ගලවා 
මාගේ අතටම දුන්නාක් මෙන්
තත්පර දෙක තුනක වැළඳ ගැනීමේ මතකයෙන් ඉතිරි කරවිය
පාර මැද දණ ගසා වදින්නට සිතුනත් 
මාගේ අලි ඔලුව නිසා එසේ නොකලෙමි 
එනමුත් දැන් පසුතැවෙමි 
හිතේ අමාරුව නැති වන තුරු ලියන්නට සිතුණු තැන 
මෙය ලිව්වෙමි 

#අනුවා

Siththam Maya | Anu Perera. Powered by Blogger.