ඔයයි මායි
ඔයයි මායි
සිත්තම් මායා | අනූ පෙරේරා
ගැහැණියකට
තවත් ගැහැණියකට ආදරේ කරන්න පුලුවන්
මිනිහෙකුට
තවත් මිනිහෙකුට ආදරේ කරන්න පුලුවන්
සම්මත විදියට
ඒත් බෑ උන්ට එකට යහන්ගත වෙන්නට
සම්මත විදියට
දන්නවද
කැක්කුම තියෙන ඕනම දරුවෙකු විදියටම
මාත් ආදරෙයි මගේ අම්මා චූටියට පැලෙන්න
පොඩි කාලේ ඕනෙම කෙල්ලෙක්ගෙන් අහන්න
එයා වැඩිපුරම ආදරේ
අම්මටද තාත්තටද කියලා
කට්ටකමට කියයි
දෙන්නටම බාගෙ බාගෙ කියලා
ඒත් කෙල්ලෙක්ගෙ හිතේ
වැඩිම ආදරයක් බෙදන්නෙ තාත්තෙකුට
පුංචි කාලේ එහෙම්මයි
ලොකු වෙන්න ලොකු වෙන්න
ඒ ආදරේ උරුමක්කාරකම් ලියවෙන්නේ
අම්මට
හරියට මේ මං වගේ දැන්
අපි අලුත හම්බුන ආදරවන්තයෝ වගේ තාම
වලි - විහිලු පොදියට
අම්මේ ඔයයි මායි
හරි හරියට
ආදරේ නැතුව නෙවෙයි පෙරේරා රාළහාමි ඔයාට
හැබැයි අපි ටිකක් පරණ බැඳපු ජෝඩුව විලසට
ආදරෙයි ඔයාටත් පැලෙන්න
නොදැනෙන්න නොඇසෙන්න
අතේ දුරින්
ඉතිං
ඔය කියපු විදියට
ගැහැණු හිතකට බැරිද ගැහැණු හිතකට
පිරිසිඳුව ආදරේ කරන්නට ?
#අනුවා
Comment with Facebook