Ads Top

වධකාර යාළුවෝ


වධකාර යාළුවෝ 

සිත්තම් මායා | අනූ පෙරේරා 

ඒ ඇඟිලි වලින් ලියැවෙන වචන  
විතරනේ පරිණත, ඇයි උඹ ඒම  
ආස්සරේට වැටුණොත් 
තේරේවි කොච්චර බේබිශ්ද 
ස්ටිල් මමාස් ගර්ල් මද 
අහනවා එව්රිබොඩි හැමදාම 
පිස්සුද ඕයි 
මං හෙන නරකයි මේම හිටියාට 
කියන්නද කුණුහරප දෙකක් 
මෙතැන කුණු වෙන්ට  
කිව්වට එපා එපා උයා එල ලෙසට 
ඒකත් වගේනේ මට කින්ඩියට 
ප්ලීස් එපා මගේ යකා අවුස්සන්න 
ගන්නෙම නෑනේ සීරියස් එක පොඩ්ඩකට 
ඒ වගේ යාළුවො ලබන මං හෙන ලකී නැද්ද 
අහනවා අම්මගෙන් මම හැම රෑක 
වෙලාව බැලුවොත් හොඳ ලෙසට 
දානවලු අපල මුද්දක් එතකොට නෑ වධක 
ඒත් බෑ බං උඹලා නැති කොටුව 
අපායට උනත් යමු බං අනේ අපි එකට 

#අනුවා 

Siththam Maya | Anu Perera. Powered by Blogger.