Ads Top

නොතේරුණු සිතක්


නොතේරුණු සිතක් 

සිත්තම් මායා | අනූ පෙරේරා 

ඇතිවුණාලු හැඟුමක් 
වදනින් විස්තර කරනට බැරි තරමට
ආදරේ කරන්න ගත්තාලු 
දරාගන්නත් බැරි තරමට 
අයිති නොවනා දුකක් 
ඉවසනු බැරි තැනටම 
පසු බැස්සාලු 
ඒ ප්‍රේම යුද ඇරඹුමෙම 
ආලවන්තකමම මදි බව විවාහයකට 
තවත් අසවල් ඒවාද මේ ගැලපුමට 
හිඳින්නට හැකිනම් 
මතක් කර එක සිනාවක් දෙන්නාට 
තවත් මොනවාද පෝරුවේ කතන්දර 
එනමුත් ඇසෙනවාද 
අදටත් මතක් කර 
සිනහෙනවා- අඬනවා 
ඇතැමුන් එකින් එක  
දහසක් එරෙහි මැද අප අපගේ නොවුනාට 
අපේ ආලයට ඒ මොන බාධා ද 
නිවෙන කතා විය ඒ සිත තාලයට 
දෙවියන්ටත් බැරිය දුක දරනට කියලා දෙන්න 
සිහි තබා ගන්න 
ඔය රුව ඒ සිත් තුළ සදාකාලික බව 
කවුදෝ මේම කවි කිව්වා 
විලාපයක් ලෙස 

#අනුවා 
Siththam Maya | Anu Perera. Powered by Blogger.