අතරමං වුණු සල්ලාලයෙක්
අතරමං වුණු සල්ලාලයෙක්
සිත්තම් මායා | අනූ පෙරේරා
ඒ පාන්දර මට නින්ද නොගිය තරම්
බාගදා ඒ උඹ හින්දම වෙන්නැති
මට උඹේ හුස්ම ළඟම ඇහෙන තරම්
ඒ අඩක් මළ ගත මේ ළඟම දැනෙන තරම්
කෙල්ලේ මට සමාවෙයන්
මං ඒ මොනවත් දැනන් හිටියෙම නැති තරම්
මං අරක්කු වලට හරි පෙරේතයි බං
ඒකමයි රැවටුණේ උන්ගේ වචනෙට මං
හුරේ දාලා සෙට් වුණු තැන් වලින්
එක පාරට විසිරුණේ ඇයිද බැලුවා මං
මට ඒ වෙලාවේ සිහියක් තිබුණා නම්
බේරාගන්නවා ඒ නරකාදින්ගෙන් උඹව මං
මට ඇහුණා උඹේ කෙඳිරිය නම්
කෑගැහුවේවත් නෑනේ උඹේ කට වැහුවද උන්
උඹ එතකොටත් නොඉඳුල් ද
උඹේ ඇඟ හිරි වැටුණා ද
කී දෙනෙක් උඹෙන් සැප ගත්තාද
යන්තමින් මගෙ උදව් පැතුවා ද
ඒත් උඹ දන්නවද
අපි එකම ජාතියක බව
සිහිය තිබුණා නම් මට හොඳට
මාත් ඒ කුලකයෙම බව
මොකද මට තාමත් මතක යන්තමට
උඹේ අහිංසක මුහුණ නොම වග
හැරුණු කොට උඹේ නිරුවත් සුදු ගත
තාමත් හිතෙන්නේම මට
ඒ ලැබුණු අවස්ථාව අපරාදේද
ඉතිං උඹට දැනෙනවද
වැරදුනු ඉලක්කයකට
නිතර අල්ලන බව අපි මාන
තාපස මූණක් තුළ ඉන්න මෘගයන්ව
දැන්වත් තේරුම් ගන්න පුළුවන්ද,
හැබැයි උඹ ඔය දුකම කියයි
පස්සේ උඹව තේරුම්ගත්තා යැයි කියන
ඒ ජෙනුයින් පිරිමියෙකුට
බලපන් මං කියන්නේ බොරුද
ඌ කරන්නෙත් ඒකමයි උඹට
-මං,
ඒ සමූල දුෂණයේ අතරමං වුණු සල්ලාලයෙක්
#අනුවා
Comment with Facebook