Ads Top

රාළහාමියි - ඩියානයි


රාළහාමියි - ඩියානයි

සිත්තම් මායා | අනූ පෙරේරා

ඩියානා යනු ඇයයි
මාගේ අති ආදරණීය යතුරු පැදියයි  
අපි දෙන්නගේ ආදරේ ටයිටැනික් පරදවයි 
රාළහාමි යනු ඔහුයි 
අමුතුවෙන් කිවයුතු නැති හැඩයි 
මාගේ පියාණන්‍ බව දැන් නම් ඔබ දැනගත යුතුමයි 
පෙරේරා රාළහාමි යන නම 
යහලුවන් අතර හරි ප්‍රසිද්ධයි 
ඔවුන් පවා ඔහු අමතන්නේ එලෙසයි 
ඩියානා සහ රාළහාමි අතර කිසි ඇයි හොඳැයියක් නැති හැඩයි 
මා ලේලියක් නිවසට කැන්දා ආ මෙන් 
ඔහු නිතර නිතර මා වෙත වක්‍ර බැනුම් එල්ල කරයි 
ඩියානාටත් දුක හිතෙනු ඇතයි මට සිතෙයි
ඉතිං මා ඇය සනසයි 
ඇය සැනසෙයි 
මා ඇයට පුදුම භක්තියයි 
විඩාබර සෑම ගමනක් අවසානයේ 
මා ඇයට සුපිරි ගණයේ සාත්තුවක් ලබා දෙයි 
"ඕක දැන් දියවෙලා යයි ළමයෝ" 
මවත් ඊරිසියාවෙන් මෙන් පුපුරයි 
නමුත් ඒ දමන්නේ මට කින්ඩියයි 
අපේ ආලය රාළහාමි පහුගිය දිනෙක තේරුම් ගෙන පාටයි 
දැන් දැන් ඔහුත් ඩියානාට ආදරේ හැඩයි 
සතුට යනු එයයි 
මේ එලිබස්නා සරල බසේ සැඟවුණු සෙනෙහෙවන්තකම එයයි 
ඉතිං මං තේරුම් ගත් එක දෙයයි 
හද පත්ළෙන් ප්‍රේම කරනට 
ශරීර දෙකක් අවශ්‍ය නොවන බවයි 
ආත්ම දෙකක් අවශ්‍ය නොවන බවයි 
ජීවිත දෙකක් අවශ්‍ය නොවන බවයි 
ඩියානා මං උඹට පණ ඇරලා ආදරෙයි බං කෙල්ලේ !

#අනුවා 

Siththam Maya | Anu Perera. Powered by Blogger.