Ads Top


Gender-less ආදරය 

සිත්තම් මායා | අනූ පෙරේරා

මචං, 
මං අහලා තියෙනවා 
මිනිස්සු උත්තරීතර මව් පදවියට
පස් කාගෙන, කට හපාන, දිව විකාන දුන්නු 
අති උත්තර යැයි ඔවුනොවුන්ම කියාගත්තු
නිර්වචන 
ඒවගේම මං දැකලා තියෙනවා 
වතුර උගුරක් ලඟට නොදෙන අති රමණීය දරුවන් 
මේ ට්‍රෙන්ඩින් ජාලයේ 
වදපු ඇයට නොදැනෙන්නට ලෝකයාටම දැනෙන්නට 
සාත්තු සප්පායම කරනවා 
වැරදි නෑ බං වැරදි නෑ
එලෙසම හරිත් නෑ 
මොකද අපි සර්ව සම්පූර්ණ නැති නිසා
ඉතිං මං කියන්නෙත් නෑ 
අසවලා වැරදිය අසවලා හරිය කියා 
හැබැයි උඹ දන්නවද 
ජීවිතයේ මවක් ගැන මං අහපු 
සර්ව අසම්පූර්ණ මිනිසෙක් කියූ
සර්ව සම්පූර්ණ නිර්වචනය එයම බව 
"Motherhood is a Behavior to Love Someone"
වදන් හතකින් කියූ 
කිසිම අඩුවක් නැති අංග සම්පූර්ණ නිර්වචනයයි එය
ඔව්, ඒක සංයමයක් අයෙකුට ආදරය කරන 
ඒක හික්මීමක් කෙනෙකුන් පෝෂණය කරන
ඒක ක්‍රම වේදයක් කිසිවෙක් අසම්පූර්ණ නොකරන 
හා නැද්ද 
ඒක සාධරණ නැද්ද 
අම්මෙක්ගෙ ආදරය සාධාරණීකරණය කරන්නට 
හැබැයි උඹ දන්නවද 
ඒ සර්ව අසම්පූර්ණ මිනිසා 
දරුවෙකුත් සිටින
ගැහැණියකුත් නොවන මිනිසෙකුත් නොවන අයෙක් බව 
මවක් වෙන්න පුළුවන් 
උඹට, මට, ඕනෑම පිරිමියෙකුට 
පියෙක් වෙන්න පුළුවන්
උඹට, මට, ඕනෑම ගැහැණියකට 
අසීමාන්තිකව ආදරය කරන්නට හික්මීමක් තියෙන ඕනෑම කෙනෙකුට 
ඔව් මචං, 
It's Gender-less !


#අනුවා

Siththam Maya | Anu Perera. Powered by Blogger.